ශ්රී ලංකාවේ විශාල ආර්ථික පීඩනයක් ඇතිවූ බවත් ඒ අනුව ඇතිවූ දේශපාලන විපර්යාසය නිසා තමා ජනපතිදධුරයට පත්වූ බවත් ජනපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
මහනුවරදි විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ශ්රී ලංකාවේ විශාල ආර්ථික පිඩනයක් ඇතිවුණා. ඒ පීඩනයෙන් දේශපාලන විපර්යාසයක් ඇතිවුණා. ඒ විපර්යාසයෙන් මම ජනපති වුණා. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපතිධුරයෙන් ඉවත්වුණා. මේවා වුණේ ආර්ථික අර්බුදයෙන්.
පොහොර නැතිවුණා, තෙල් නැතිවුණා ඒ පීඩනය පිපිරුණා. අරගලවලට උද්ඝෝෂණවලට වෙනත් සංවිධාන ඇවැති ඒවා අරගලගත්තා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට අපි ෆැසිස්ට් ත්රස්තවාදයට මුහුණ දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් පුච්චන එක පොත් පුච්චන එක හිට්ලර්ගෙන් ඉගෙන ගත්ත එකක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙඩි තිබ්බා. අපි පුදුම වුණා. විශාල කණ්ඩායම් එකතුවුණා.
මම ජනපතිධුරය භාර ගත්තා. ආර්ථික ප්රශ්නය විසඳිලා නෑ. ජනතාවට තියෙන ප්රශ්න ඒ විදිහටම තියෙනවා. ගෑස් නැති එක, පොහොර නැති එක, ඉන්ධන නැති එක, බඩු මිල වැඩි වෙන එක, රැකියා නැති වෙන එක අද සංවර්ධනයට මුදල් නැති වෙන එක. මේ හැම එකක්ම තියෙනවා.
මේ ප්රශ්න වැඩි කරනවද අඩු කරනවද කියලා අපි තීරණය කරන්න ඕන. මෙක තවත් වැටුණොත් රටත් නැති වෙනවා. අපේ ආර්ථිකයේ දළ දේශීය නිශ්පාදිතය සියයට 7කින් අඩු වෙනවා. ඊට පස්සේ අවුරුද්දේ සියයට තුනකින් අඩුවෙනවා. ඊට පස්සේ අවුරුද්දේදී සියයට එකකින් වර්ධනය වෙනවා.
අපේ උද්ධමනය තව වැඩිවෙනවා. මේවා කියන්නේ කවුරුත් බය කරන්න නෙමෙයි. මේවට විසඳුම් හොයන්න වෙනවා. පරණ සටන් පාඨ කියලා හරි යන්නේ නෑ.”