ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වන රමේෂ් මිහිරංග නොහොත් ‘මන්න රමේෂ්’ සහ ඔහුගේ සහායකයින් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.
'මන්න රමේෂ්' අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියේය.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැසකට සම්බන්ධ මෙන්ම තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි ‘මන්න රමේෂ්’ අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර ජාත්‍යන්තර පොලිසිය හරහා ශ්‍රි ලංකාව රතු නිවේදනයක් නිකුත් කර තිබුණි.
මන්නා රමේෂ් මීට මාස දෙකකට පෙර ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි බව වාර්තා වෙයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා ගැනීමට නියමිතය.