සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් බව කියන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයෙක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
හංවැල්ල, නිරිපොලදී මෙම වෙඩි තැබීද අද පෙරවරුවේ සිදුව තිබේ. කැබ් රථයකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් ඉල්ලක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් අනතුරුව වෙඩි තැබූවන් පළාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන් අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 31ක් වන නිරිපොල පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පතව ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයක් බවට අණාවරණය වී ඇතැයි පොලීසිය කියයි.