අරගල සමයේදී හානි වූ දේපළ වෙනුවෙන් මන්ත්‍රිවරුන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“අපේ රටේ ස්වාභාවික ආපදාවකින් විපතට පත්වූ කෙනෙකුගේ පූර්ණ හානයක් වෙනුවෙන් වන්දි ලබාදෙන්න තියෙන්නේ රුපියල් ලක්ෂ 25ක් පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හානියට පත් දේපළ තක්සේකරු කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රා දේශීය ලේකම්වරු හා තක්සේරුකරුවන් එවකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ප්‍රසන්න රණතුංග විසින් 2022/11/15 පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා.
හානියට පත් පාර්ශවයට බෑ හානිය තක්සේරු කරන පාර්ශ්ව කැඳවලා උපදෙස් දෙන්න. නමුත් වන්දි ලබා ගන්න අය ආණ්ඩුවේ අය නිසා තමන්ගේ බලය භාවිත කරලා පාර්ලිමේන්තුවට කැඳවා තිබුණා.
ඒ අනුව තක්සේරු කර ගෙවීම් කරන ලද වන්දි වල ලේඛණයක් තබයි අපි ඉදිරිපත් කලේ. රුපියල ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 980 දක්වා තක්සේරු කරලා තිබුණා. තවත් ප්‍රා දේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන්ගේ ලේඛනයක් පවතිනවා.
තක්සේරුව ගැන ආන්දෝලනයක් පවතිනවා. මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. රජයත් බලාපොරොත්තුවනවා තක්සේරුව හා වන්දි ලබා දීම ගැන විමර්ශනයක් කරන්න. “