යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයක ගැටුන කාන්තාවක් මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 60 ත් 70 ත් අතර වයසක පසුවු යාචක කාන්තාවක් බව පොලිසිය කියයි.
දෙමළ ජාතික සන්ධානයෙ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා සිය රියදුරු සමග කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අදාල අනතුර වෙන්නප්පුව බෝලවත්ත ප්රදේශයෙදී මෙම යාචක කාන්තාව ගැටි ඇති බවත් බරපතල තුවාල ලබා සිටි කාන්තාව කඩිනමින් මාරවිල රෝහලට ඇතුලත් කර ඇතත් එහිදි මරණයට පත්ව ඇති බව කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්රිවරයා අදාල සුඛෝපභෝගී ජීප් රථයෙ ගමන් කර ඇති බව කියයි.
අනතුර සම්බන්ධව අදාල අනතුරට සම්බන්ධව ජීප් රථය හා රියදුරු වෙන්නප්පුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
වෙන්නප්පුව පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරික්ෂණ පවත්වයි.