පුත්තලම - වාන මාර්ගයෙ ව්‍යාපාරික ස්ථානයක් තුළ මරණයට පත්ව සිටි ව්‍යාපාරිකයාගෙ මරණයට හේතුව තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට සිදුවු කැපිමකින් අධික ලෙස රුධිර වහනය වීමක් බව පුත්තලම සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලෙන්ද්රනාත් ප්‍රේමදාස මහතා අද (22දා) නිගමනය කර තිබුණි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම වාන මාර්ගයෙ පදිංචිව සිටි මොහොමදු ජනාබ් නැමති 62 හැවිරිදි තිදරු පියකු වු කුකුල් මස් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් දිවි ගෙවු අයකු බව කියයි.
ඔහු පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතාගෙ මස්සිනා බවත් ඔහු මන්ත්‍රිවරයාගෙ නිවස ඉදිරිපිට පදිංචිව සිටි බවද කියයි.
මෙම ව්‍යාපරිකයාගෙ සිරුර පුත්තලම වාන මාර්ගයෙ ඔහු පදිංචිව සිටි නිවස අසල කුකුළු මස් අලේවි කිරීමේ ස්ථානය තුල තිබි සොයා ගෙන තිබුනී.
සිරුර පවුලේ ඥාතින් සොයා ගන්නා විටත් මෙම ව්‍යාපාරිකයා මරණයට පත්ව සිටි බවත් තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට සිදුවු දරුණු කැපුම් තුවාල හේතුවෙන් අධික ලෙස රුධිර වහනය සිදුව තිබු බව පොලිසිය කියයි.
මෙම මරණය ඝාතනයක්ද එසේ නැතිනම් සිය දිවි නසා ගැනිමක්ද යන්න සනාථ කර ගැනිමට මේ වන විට පුත්තලම මුලස්ථාන පොලිසිය පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබේ.
අදාල සිරුර සොයා ගැනිමත් සමග එම ස්ථානය අවට විශාල පිරිසක් රැස්ව සිටිනු දැක ගත හැකි විනි.
මේ වන විට සිදුකල පොලිස් පරික්ෂණ වලදි සනාථ වී ඇත්තේ මරණයට පත්වු ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික කටයුතු වලදි මතුවු මුදල් ගැටළු මත කනස්සල්ලෙන් සිටි බවයි.
කෙසේ නමුත් ඉදිරි පොලිසි විමර්ශණ කටයුතු වලින් අනතුරුව මෙම මරණය ඝාතනයක්ද සිය දිවි නසා ගැනිමක්ද යන්න අධිකරණයට කරුණු වර්තා කිරීමේන් පසු සනාථ කර ගත හැකි බව පොලිසිය පවසයි.
ඒ අනුව අදාල පරික්ෂණ සදහා පොලිස් අපරාධ ස්ථානීය නිළධාරින් ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරික්ෂණ සදහා එක්ව තිබුනී.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අයි.කුලතුංග මහතාගෙ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එස්.එම්.එම්.ඩි. ජීවන් කුමාර මහතා ඇතුළු නිළධාරින් පරික්ෂණ අරඹා තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_09b9b7ab2a.jpg)