මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ 45දෙනෙක් සතුව තිබූ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 220කට අධික මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත ගෙවී ගිය දින හතක කාලය තුළදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතළිස් පස්දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
මෙම හතළිස් පස්දෙනාම අධිකරණ නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවත්, මොවුන් සතු ගිණුම්වල රුපියල් කෝටි දෙසියවිස්සකට ආසන්න මුදලක් සංසරණය වී තිබෙන බවට තහවුරු වී තිබෙන බවත් අදාළ මුදල් සංසරණය වීම පිළිබඳව දීරඝව ප්‍රශ්න කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
එහෙත් අදාළ ගිණුම් තුළ එතරම් මුදලක් දැනට නොමැති බවත්, මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත් හෙතෙම පැවසීය.
මෙම හතළිස්පස් දෙනාම හෙරොයින් ජාවාරම් කිරීමේ කටයුතුවල නිරත වී තිබෙන බවත්, මේ නිසා මෙම පිරිස් රැඳවුම් නියෝග ලබාගෙන රඳවා තබාගෙන ප්‍රකාශ ලබාගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එසේම ගෙවී ගිය කාලය තුළ හෙරොයින් භාවිත කිරීමට හෙරොයින් ළඟ තබාගත් පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බවත්, හෙරොයින් ජාවාරම් ක්‍රියා හෙළි කර ගැනීමට මෙම පිරිස් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බවත් ඒ මහතා පවසා සිටියේය.