අල්ලස් කොමිසමට යවන ලිපි ජනපතිවරයා විසින් ලබා ගන්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් ඇති බවත් ඒ අනුව තමන්ට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් තමන් අල්ලස් කොමිෂමට සඳහන් කළ බව හිටපු ජනති රනිල් වික්රමසිංහ මහතා කොළඹදී පැවැති ප්රවෘත්ත සාකච්ඡාවකදී පැවැසීය.
අල්ලස් කොමිෂම හමුවට පැය තුනක පමණ ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
විසර්ජන පනත් හරහා ලබාදෙන මුදල් වියදම් කළ යුතු බවත් තැන්පතු තළ තැන්පත් කිරීමෙන් ආර්ථිකය දුවන්නේ නැති බවත් ඔහු පැවැසීය. ආණ්ඩුව වියදම් නොකරන්නේ නම් ආර්ථිකය දුවන්නේ නැති බවත් ඔහු පැවැසීය.
තැන්පත් ගිණුම්වලින් මුදල් වෙන් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධය වන්නේ තැන්පත් ගිණුම්තුළ මුදල් තැන්පත් කිරීම බවත් ඔහු පැවැසීය.
