ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තමා ප්රශ්න දෙකක් යොමු කරන බවත්, ඊට පිළිතුරු නොදෙන්නේ නම් ඉදිරියේදී සෑම වේදිකාවකදීම එම ප්රශ්න යොමු කරන බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
වැලිමඩ ප්රදේශයේ ඊයේ(08දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“සජිත් සහ අනුර කියන ඒවා දිහාත් අපි බලන්න ඕනී. සජිත්ගේ මට එක ප්රශ්නයක් තියෙනවා. ප්රතිපත්ති ප්රකාශන දෙකක් තියෙනවා. එකක් සතුටු දැයක්. අනිත් පැත්තෙන් තියෙනවා ඉකොනොමික් බ්ලූප්රින්ට් 3. ඒක මට ප්රශ්නයක් මොන එකද තෝරගන්නේ කියලා. ඒක බලන්නේ නැතුව මම මගේ මිත්ර අනුර කුමාර දිසානායක මහතාගේ වැඩසටහන ගැන ඇහුවා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ අපනයන ආර්ථිකයක් ඇති කරන්න.
මගේ මිත්ර අනුර කුමාරට ප්රශ්න දෙකක් යොමු කරනවා. පළවෙනි එක අපනයන ආර්ථිකය ගැන පිළිතුරු දෙන්න. දෙවැනි එක අපේ දූෂණ විරෝධී වැඩසටහනට සහයෝගය දෙනවාද නැද්ද , නැතිනම් එක නීතියකට සීමා කරගන්නවාද කියලා කියන්න. අනුර කුමාර මිතුරා මේකට පිළිතුරු දෙනකන් හැම වේදිකාවේස මම මේ ප්රශ්නය අයන්න යනවා. ”