විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් 10 දින රාත්‍රී දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි සන්ද්‍යා කුමාරි 44 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි, බරපතල තුවාල ලැබූ අවුරුදු තුනක පමණ කුඩා ගැහැණු දරුවෙක් මහනුවර රෝහලට මාරුකර යැවී බව දඹුල්ල මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසිය .
දඹුල්ල ඉනාමලුව ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල්‍යය කට සහභාගි වී හිරිවඩුන්න ප්‍රදේශයට මෙම ඥාතීන් පිරිස ගමන් කරමින් සිට ඇත හබරණ දෙසින් දඹුල්ල දෙසට යෝගට් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවීම් ඇති බවත් අනතුරින් කැබ් රථයේ ගමන් කළ සියලු දෙනාම තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
මංගල සාදය තිබුණු හෝටලයේ සිට අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් හතරක් පමණක්ම දුරකදී අනතුර සිදු වීම තිබෙන බවත් කැබ් රථයේ රියදුරගේ අපරික්ෂාකාරී රිය ධවානය මෙම අනතුරට හේතු වී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව සීගිරිය පොලිසියේ නිලධාරීහු පවසති
මිය ගිය සන්ධ්‍යා කුමාරී මහත්මිය මිය යන්නට පැය කිහිපයකට කලින් මංගල සාදයේදී තම හිතවත් සොයුරියන් සමග එක්ව සමූහ ඡායාරූපයකටද පෙනී සිට ඇති බව ඥාතීහු පෙන්වා දෙති.
අනතුරට පත් කැබ් රථය සහ ලොරි රථය මෙවන විට සීගිරිය පොලිසියට රැගෙන ගොස් තිබෙ. අනතුරට පත් බොහෝ දෙනෙකුගේ හිස ප්‍රදේශයට ් බරපතල තුවාල සිදුවීම ඇති බව රෝහාල් ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 11 දින දඹුල්ල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. සීගිරිය පොලිසිය වැඩක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.