මෙවර මහ කන්නයේ වී පසු අස්වනු නාස්තිය 10% සිට 15% දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව එය අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් 350,000කට ආසන්න වන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද Crop Cutting survey මගින් අනාවරණය වී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ එලෙස අහිමිවන අස්වනු ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇති අතර අදාල පසුඅස්වනු විනාශය වළක්වා ගැනීමට හැකිවුණිනම් මහ කන්නයේ අස්වනු තුළින් සහල් අතිරික්තයක් ලබා ගැනීමටද හැකියාව තිබූ බවයි.
මේ අතර ගොයම් කරළ හොදින්ම වේළී ගිය පසු අස්වනු නෙලාගැනීමට භාවිතා කරන භූතයා සහ සුනාමි වැනි යන්ත්‍රවලින් සිදුවන අපතේ යාම ඉහළ ගොස් ඇති බවට සනාථ වූ වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇත. එසේම අස්වනු නෙලා දින කිහිපයක් තුළ කුඹුරේ ගොයම් නැවත වැපිරූ පරිදි ගොයම් පැළවෙනුයේ එලෙස අපතේ ගොස් ඇති හොඳම වී හේතුවෙන් වන බව එමඟින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මේ පිලිබඳ අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ දීර්ඝ කාලයක් වී වගාව කළ ද බොහෝ ගොවින් අස්වනු නෙලාගත යුත්තේ කුමන අවස්ථාවේ දී ද යන්න පිලිබඳ නිසි අවබෝධයකින් කටයුතු නොකරන බවයි. බොහෝ ගොවීහු සම්පූර්ණයෙන්ම ගොයම් කරළ පැසෙන තෙක් අස්වනු නෙලා ගැනීම ප්‍රමාද කරන බවත් එසේවුවද ගොයම් කරළෙහි 80෴ක් පැසුනු පසු අස්වනු නෙලාගත යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, අපතේ යනුයේ ගොයම් කරළක පවතින %හොඳම කොටස^ වන බවට කෘෂි අංශ අවධාරණය කළ බවත් පැවසීය.
ඒ අනුව පැරණි ගැමියන් පවසන්නාක් මෙන් %කරළ දුටු තිස් දවසකින් අස්වනු නෙලීම^ සිදු කිරීම මගින් වී වගාවේ පසු අස්වනු හානිය අවම කරලීමේ පාඩම ගොවි ජනතාවට කියා දීම කෘපනිසවරුන්ගේ රාජකාරියේ කොටසක් වන බවට ඔහු අවධාරණය කළේය.