පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයට වඩා2025 මාසයේ මුල් සතියේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල පහත වැටී තිබුණත් එහි වාසිය සිල්ලර මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ලැබී නැති බව ජනතාව පවසති
බොහෝම තොග වෙළඳ සැල්වල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල විශාල වශයෙන් පහත වැටීම ඇති බව තොග වෙළෙන්දෝ පෙන්වා දෙති , ඒ අනුව ආහාර වර්ග කිහිපයකන් මිල ඉහළ ගොස් ඇති අයුරුත් ඇතැම් ද්‍රව්‍ය වල මිල වෙනස් නොවී ඇති බව වෙළඳපළ නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි විය
පහත දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාසයේ පැවති කිලෝ එකක තොග මිල සහ 2025 වසරේ ජනවාරි 8 වන දින පැවැති තොග මිල වේ
වර්ගය 2024 දෙසැම්බර් මාසය පැවැති මිල 2025 ජනවාරි මාසයේ පැවතින මිල
සුදු සීනි 235 .00 230.00
රතු සීනි 295/ 300 250/260
පරිප්පු 275 / 280 225 / 230
පොල්තෙල් 800 / 830 790 / 795
කරවල 900 /950 900 / 1000
බිලූණු 140 / 150 130 / 140
තේ කුඩු 1250 .00 1250.00
තිරිගු පිටි 184.00 184.00
සුදුලූණු 480 / 495 490 .00
හාල්මැස්සන් 700 / 750 650 / 680
ෆාම් තෙල් 820 .00 790 .00
ලුණු දියළුණු 110.00 110.00
සැමන් 330.00 340.00
කඩල 500 / 550 450 /500
මුං ඇට 620 / 650 500 / 525
බිත්තර එකක් 27 .00 38.00