ලෝකය පුරා පැතිරී සිටින බෝරා ඉස්ලාම් ප්රජාවේ ධාර්මික නායකයා ශුද්ධ වූ සයිඩ්නා මුෆාදාල් සයිෆුදීන් සහේබ් තුමන් (53 වැනි දායි අල් මුට්ලක්) ඊයේ (01) අරලිය ගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.
එතුමන්ගේ පියා වන හිටපු සයිඩ්නා බුර්හනුද්දීන් සහේබ් තුමන්ගේ ශ්රී ලංකා සංචාරය හා රටට ඔහුගෙන් ලද ආශිර්වාදය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙම හමුවේදී ප්රකාශ කරන ලදී.
ශ්රී ලංකාවට උදාර නායකත්වයක් දෙමින් රට ශීඝ්ර වර්ධනයක් කරා ගෙන යාමට අති විශිෂ්ට වැඩ පිළිවෙළක් ක්රියාත්මක කරන බවට එතුමන් ජනාධිපතිවරයා වෙත පවසා තිබේ.