බේරුවල මාලිගාහේන, වෙත්තිමරාජපුර ප්‍රදේශයේදී විදෙස් රටක සිට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසු ඉකුත් 06 දා සිට එම රෝගියා කොළඹ අය් ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම රෝගියාගේ 27 හැවිරිදි බිරිඳ ද අද (09) රාත්‍රියේ කොරෝනා වෛරස ආසාදිත වූ අයෙකු බවට හදුනාගෙන ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .
මෙම කාන්තාව සුවසැරිය ගිලන් රථයක් මගින් කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ඇති බවත් එම කාන්තාව සමඟ සමීපව ඇසුරු කළ ඔවුන්ගේ පවුල් 5ක 20දෙනෙක් වූ පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත් වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.
මෙම රෝගී කාන්තාව ද තහවුරු කර ගැනීමත් සමග බේරුවල කොරෝනා ආසාදිතයන් ගණන 16 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.
අලුත්ගම තුසිත කුමාර