බෙන්තොට මුහුදු තීරයේ ඊයේ (15) සවස දිය නාමින් සිටියදී දිය රළකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද දහවල් (16) අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ දර්ගානගරය සහිරා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, ලබන මස ආරම්භවන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි දර්ගානගරය මිහිරිපැන්නේ පදිංචිව සිටි මොහමඩ සමීන් නැමති අවුරුදු 16 හැවිරිදි සිසුවෙකි.
ඔහු ඊයේ සවස නිවසේ අය හා මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණ බෙන්තොට නිවාඩු නිකේතනය අසල මුහුදේ දිය නාමින් සිටියදී දිය රළකට හසුව දියඹට ගසා ගෙන ගොස් අතුරුදන්වු බව පොලීසිය පැවසීය.
බෙන්තොට හා අලුත්ගම පොලීසි විසින් මේ මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි'
ජේ. ඉඳුුරුවගේ