බෙන්තර ගගේ සංචාරක බෝට්ටු දෙකක් මුහුනට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .
අලුත්ගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය නිමවා පිරිසක් රැගෙන ගමන්කල බෝට්ටුවක් සහ බෙන්තර පොලිස් බළප්‍රදේශයේ පිහිටි සංචාරක බෝට්ටුවක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බෙන්තර ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් පැමිණි බෝට්ටුවේ දෙදෙනකු බවට දැනගන්නට ලැබී ඇති බවත් රාත්‍රි නිසා අනන්‍යතාවය හදුනාගෙන නොමැති බවත් පොලිසිය කීය.
බෙන්තර අගමැති බංගලාව ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක් ඉදිරිපිට අනතුර සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි .
හෝටලයේ බෝට්ටු සහ අවට පිහිටි ජල ක්‍රීඩා සංගම්වල බෝට්ටු ආධාරයෙන් අතුරුදන් දෙදෙනා සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවත් නාවික හමුදාව දැනුවත් කර ඇති බවත් උසස් පොලිස් නිළධාරියෙක් කීය.
අලුත්ගම සහ බෙන්තර පොලිස් ස්ථාන වෙතින් පරීක්ෂණ සිදුකරමින් පවතින බව පොලිසිය සදහන් කරයි.
සුමිත් පොතුපිටිය