එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළය ලකුණ වෙනුවට පුටුව ලකුණින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (29දා) තීරණය කර තිබේ.
එම පක්ෂයේ නායකයන් ඊයේ (29දා) පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා විය. ඒ අනුව පිහිටුවීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී තිබේ.
එමෙන්ම හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද එහි ප්රධාන තනතුරක් සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම නව සන්ධානය සදහා තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන එක් කරගැනීමට සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.