බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ බයිලා ගායකයෙක්ගේ පුත්‍රයෙක් බේරාගැනීමට බීමත්ව පොලිසියේ ලී බැරියර් කඩාදමමින් පිස්සු නැටූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ මෙහෙයවීමෙන් පෙරේදා (28) මධ්‍යම "රාත්‍රි අමුත්තන් ගේ රාත්‍රිය" නමින් සිදුකල මෙහෙයුමකදී සාදයකට සහභාගිවී මෝටර් රථයකින් ගමන් කරමින් සිටී ප්‍රසිද්ධ බයිලා ගායකයෙකුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමග පැමිණි පුද්ගලයෙකු, සිරමැදිරියේ රදවා සිටී බීමත් රියදුරු මිතුරා බේරාගැනීමට ඒ අසල තිබූ ලී බාධකයක්ද කඩදමා උත්සහ කර ඇති බව පොලිසිය පවසයි .
එහිදි පොලිස් නිළධාරින් සැකකරු මෙල්ලකර භාරයට ගෙන වෛද්‍යවරයෙකු හමුවට පමුණුවා සිදුකල පරීක්ෂාවේදී ඔහුද මත්පැන් පානය කර සිටී බවට තහවුරු වූ බව පොලිසිය සදහන් කරයි.
ප්‍රසිද්ධ බයිලා ගායකයෙකයාගේ පුත්‍රයා බීමත්ව රිය පැදවීම යටතේ එක් චෝදනාවකටද , ඔහු බේරාගැනීමට පොලිසියේ යකා නැටූ සැකකරු සාපරාධී බලහත්කාරය, බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම සහ අනර්ථයක් සිදුකිරිම යන චෝදනා තුනක් යටතේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්