මාස දහයක් වයසැති බිළිදියකට අතවර කිරිම සම්බන්ධයෙන් සැකපිට එම බිළිදියගේ පියා ඊයේ (28) අත්අඩංගුවට ගත්බැව් පෝද්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, කළේගාන,නාගරුක්කාරාම මාවතේ පදිංචි 38 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු පින්තාරුකරුවකු වන අතර අධික ලෙස බිමත්ව පැමිණි සැකකරු බිළිදිය නිවසේ පිටුපසට රැගෙන ගොස් අතවරයට ලක්කර ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර පුද්ගලයාගේ බිරිද මොහුත් සමග දෙවැනි වරට විවාහ වි ඇත. ඇයට පළමු විවාහයේ අවුරුදු 18ක දරුවෙකු සිටින බවද පොලිසිය පවසයි. මාස දහයේ බිළිදිය සැකකාර පුද්ගලයාගේ වන අතර මොහු බිරිද සමග නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගන්නා බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් පසු බිළිදිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. බිළිදිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයට යොමුකිරිමෙන් පසු අතවරයට ලක්ව ඇති බව තහවුරුවි ඇති බව පොලිසිය පවසයි. සැකකරු අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහලින් සමත්ව ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. සැකකරු අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින්සැකකරු අත්අඩංගුවට ගන්නාලදී.
හිනිඳුම රවීන්ද්‍ර ශ්‍රීලාල්