පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (07දා) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නාහෙරොයින් කිලෝග්‍රෑම් 103ක ප්‍රමාණය මරණීය දණ්ඩනය නියම වී තිබෙන සුසෙයි නමැත්තෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට අයත් බවට හෙළි වී තිබේ.
ධර්මරාජා සුසෙන්ද්රන් නොහොත් සුසෙයි නමැත්තා 2013 වසරේදී හෙරොයින් කිලෝග්‍රෑම්02 ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව සැකකරුට කොළඹ මහාධිකරණය විසින් 2017 වසරේ මාර්තු 30 වැනිදා මරණ දඬුවම නියම කර තිබේ.
මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.
