අරලගංවිල ප්රදේශයේ පිඹුරැත්තෑව වැවේ පාවෙන මළ සිරුරක් තිබී සෙයාගත් බවට අරලගංවිල පොලිසිය පවසයි.
මරණකරු පසුගිය 17 වන දින පිඹුරත්තෑව වැවට ධීවර කටයතු සඳහා ගොස් ඇති අතර එහිදී තවත් පුද්ගලයකු හා එම පුද්ගලයායේ බිරිද සමඟ මත් පැන්පානය කර ඇති බවත්, එම අවස්ථාවේ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඔවුන් විසින් හබලකින් හරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 67 ක් වූ සැකකරු හා වයස අවරුදු 47 ක් වූ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පෙලිසිය පවසයි.
ඉන්දුමූර්ති ජයසූරිය