පසුගිය මස විසි හතර වෙනි දින සිට ආගිය අතක් නොමැතිව සිට තලාතුඔය මොරගොල්ල ජනපදයේ වයස අවුරුදු තිහක්වන තරුණයෙකුගේ සිරුර මොරගොල්ල අලවත්ත මාර්ගයේ කන්දෙ දේවාලය අසල පුද්ගලික ඉඩමක ගොරක ගසක එල්ලී තිබියදී ප්රදේශවාසින් විසින් ඊයේ දින සොයාගෙන ඇත.
ස්තීර රැකියාවක් නොමැති රුවන් සදකුමාර විවාහකයෙකු වන අතර බිරිද විදේශ ගතවී සිටී. බිරිද නොමැතිව සිත් තැවුලෙන් කාලය ගතකර ඇති මොහු ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සැක පහල කරයි.
මෘත ශරීරය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී අද දින සිදු කිරීමට නියමිතය. තලාතුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
තලාතුඔය අසේල වික්රම