යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්රදේශයේදී ඊයේ (11) දින තරුණයෙකු කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමක් හේතුවෙන් මිය ගොස් ඇතැයි වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
අදාල තරුණයා සිය බිරිඳ සමග වඩුක්කොඩ්ඩෙයි සිට කරෙයිනගර් දක්වා ගොස් නිවසට ආපසු එමින් සිටියදී කිසියම් පිරිසක් විසින් කාර් රථය නවතා තරුණයා පැහැගෙන ගොස් ඇත්තේ බිරිඳටද පහරදීය.
පසුව මරණකරු තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට මොටර් රථකින් ගෙනවිත් දමා සැකකරුවන් පළාගොස් තිබේ. තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියාගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වඩුක්කොඩ්ඩෙයි ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් බවදරම් නැමති පුද්ගලයෙකි. අදාල ඝාතනය සම්බන්ධයෙන් වඩුක්කොඩ්ඩෙයි පොලීසිය සහ යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වන විටත් පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතරම ඝාතනය සම්බන්යෙන් මේ වන විටත් සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවටද පොලීසිය පැවසීය.