ගාලු මෝදර පිටියේදී පිරිසකගේ පහර කෑමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කළ බව කොටුව පොලිසිය කියයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කොළඹ ප්රදේශයට විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටි වැලිමඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.
ගාලුමුවදොර මාර්ගය අසල පිරිසක් පුද්ගලයකු වට කරගෙන සිටින අයුරු දුටු කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී කොස්තාපල්වරයා දැක ඔහුව රැගෙන විත් කොටුව පොලිසියට බාර දී තිබිණි
කොස්තාපල්වරයා කනිෂ්ඨ නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් මත්පැන් පානය කර ගාලු මෝදර පිටියට ගිය අවස්ථාවේදී පිරිසක් විසින් පහර දුන් බවට ප්රකාශයක් ලබාදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත. කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.