වෙළෙඳ පොළේ බිත්තර මිල සීග්‍රයෙන් පහළ වැටී ඇත්තේ බිත්තර අතිරික්තයක් නිසා බවත්, පාරිභෝගිකයාට එය සහනයක් වුවද බිත්තර ගොවියාට නිෂ්පාදන පිරිවැය අනුව පාඩුවක් සිදුවන බවත් කුකුළු ගොවීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සංජීව කරුණාසාගර මහතා ඊයේ (03දා) කුරුණෑගලදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.
“දිනකට බිත්තර පරිභෝජනය මිලියන 7.5 පමණ වන අතර බිත්තරයක නිෂ්පාදන පිරිවැය රු 32/- ක් වෙනවා. මේ දිනවල බිත්තර අතිරික්තයක් පවතින නිසාත් බිත්තරයක් සති දෙකකට වඩා කල් තබා ගත නොහැකි නිසාත් පාඩුවට හෝ අලෙවි කළ යුතු වෙනවා. වසරකට මව් කිකිළියන් 85000- 90000ක් පමණ ආනයනය කිරීම ප්‍රමාණවත්. පසුගිය රජය විසින් මව් කිකිළියන් 1260000 ක් ආනයන කිරීමත් සමග බිත්තර අතිරික්තයක් ඇති වුණා.
2022 වසරේදී මව් කිකිළියන් 35000 ක් පමණක් ආනයනය කිරීමෙන් බිත්තර හිඟයක් ඇතිවුණා. බිත්තර හිඟයක් ඇතිකර එය පියවීමට බිත්තර ආනයනය කර කොමිස් ලබා ගැනීම ඔවුන්ගේ මූලික අරමුණ වුණා. දැනට සත්ව ආහාර ආනයනය කිරීමේදී බදු සහන ලබා දීමට තීරණයක් අරගෙන තිබෙනවා. කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශ ලේකම්තුමා සමග සාකච්ඡා කිරීමේදී හොඳින් ඇහුම්කන් දුන්නා. අපි ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. නව ජනාධිපතිවරයෙක් පත්වුණා. නව ආණ්ඩුවක් පත්වෙනවා. ඒ කාලය ඇතුළත අපි පාරිභෝගිකයා රැකගෙන ගොවියා ද ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.”
ජනූර් කිචිලාන්