මෙරට ඉතිහාසයේ පළමුවරට බිත්තර සඳහා රජය මගින් සියයට 18% වැට් බද්දක් ක්රියාත්මක කිරීමෙන් දේශීය බිත්තර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි .
මේ නිසා පාරිභෝගික ජනතාවට බිත්තරයක් අඩු මිලට ලබා ගැනීමට තිබූ අවස්ථාවද අහිමි කර ඇතැයි ඔහු කියා සිටි .
සතුන් 5000 ක් සිටින කුකුළු ගොවිපළකරුවන්ටද මෙම වැට් බද්ධ ක්රියාත්මක කෙරෙන බවත් එවැනි කුකුළු ගොවිපළ පවත්වාගෙන යන ගොවියන් මෙම කර්මාන්තයෙන් සදහටම ඉවත්වීමේ අවදානමක් තිබෙන බවත් සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි .
බිත්තර සඳහා වැට් බද්ධ ක්රියාත්මක කරන්නේ මෙරට ඉතිහාසයේ ප්රථම වතාවට බව පෙන්වා දෙන ඔහු මෙම වැට් බද්ධ ක්රියාත්මක කිරීම නිසා දේශීය බිත්තර නිෂ්පාදනය මෙන්ම කුකුළු ගොවිපළ කර්මාන්තයෙන් ගොවියන් ඉවත්වී කර්මාන්තය නැත්තටම නැතිවී යන බවද කියා සිටි .
දේශීය බිත්තර සඳහා වැට් බද්ධ ක්රියාත්මක කළ ද කර්මාන්තය සංවර්ධනය සඳහා රජය මඟින් කිසිදු සහනයක් ලබා නොදෙන බව පවසන ලේකම්වරයා මේ වන විට කුකුල් කෑම මිල දරාගත නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවත් විශේෂයෙන් රුපියල් 110 ට තිබූ දේශීය බඩ ඉරිඟු කිලෝ එකක මිල මේ වන විට රුපියල් 190ක් 195ක් දක්වා ද , සහල් කුඩු කිලෝ එකක් රුපියල් 135 ත් 140ත් දක්වාත් , සුනු සහල් කිලෝ වක් රුපියල් 170 දක්වාත් මිල ඉහළ ගොස් ඇති බවත් මෙයද කුකුළු ගොවිපළ කර්මාන්තයට දැඩි බාධාවක් එල්ල කර ඇති බවද ඔහු සඳහන් කළේය .
බිත්තර මිල අඩු කරන්නයි කිය කියා කෑ ගසන රජය ,ගැසට් ගහන රජය , බිත්තරයට බදු ගසා මෙරට ජනතාවට අඩු මිලට බිත්තරයක් කන්නට තිබූ අවස්ථාවද අහිමි කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය .
දෙවොලපොල කීර්ති ප්රනාන්දු