සමස්ත අමාත්‍ය මණ්ඩලයම ඉවත් වීමත් සමගින් නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි. ඒ අනුව මේ දක්වා අමාත්‍යවරුන් සිව් දෙනෙකු දිවුරුම් දී ඇති බව වාර්තා වෙයි.
මේ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි, විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාම පත්කර තිබේ.
මහා මාර්ග අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත්, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍යවරයාම වන දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්කර තිබේ.