"බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට ආවා බැසිල් රාජපක්ෂ නෙවෙයි ඩ් එ රාජපක්ෂ යළි වලෙන් නැගිටලා ආවත් මේ රටේ යළි බලය රාජපක්ෂවරුන්ට ලබා දීමට ජනතාව සූදානම් නෑ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය කියයි.
කවිරත්න මහත්මිය එසේ ප්‍රකාශ කළේ රටේ වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් රත්තොට කයිකාවල ප්‍රදේශයේ ඊයේ (05) දින පැවති මාධ්‍ය හමුවකදීය.
"විදුලි බිල සීයට 400 කින් වැඩි කොට එය සියයට 21කින් අඩු කලාට ජනතාවට දැනෙන්නෑ. ඒ වගේමයි ඉන්ධධනමිල අඩු කළේ සුපිරි ධනවතුන්ට පමණයි. ගොවියාට ධීවරයාට කුලී රථ රියැදුරාට රාජ්‍ය සේවකයාට එයින් කිසිම සහනයක් සලසා නෑ. වී කිලෝ එකක මිල රුපියල් සීයයි .
වී කිලෝ දෙක තුනක් අලෙවි කරලා තමා සබන් කැටයක් ගන්න වෙන්නේ.ඒ වගේම භාණ්ඩ මිල දිනෙන් දින වැඩි වැඩිවෙනවා ජනතාව අද කබලෙන් ලිපට වැටිලා ඉවරයි. මේ රජය අද කටයුතු කරගෙන යන ආකාරය දෙස බලන විට ජනතාව යළි අරගලයකට සූදානම් කිරීමක්දෝයි මට සැක හිතෙනවා.ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයාට ප්රමුඛ මේ ආණ්ඩුවට ගෙදර යෑමට සිදුවන එක සක්කරයාටවත් නවත්තන්න බැරි තත්ත්වයකටයි අද පත්වෙලා තියෙන්නේ.
මහ බැංකුවේ නිලධාරීන් ඔවුන්ට හිතෙන හිතෙන විදිහට පඩි වැඩි කරගන්නවා එය කුමන පදනමක් මත කුමන නීතියකට සිදු වෙනවාද ක්‍රියා කවුරුත් දන්නේ නෑ.ජනතාවගේ පිට බර පටවලා ඔවුන් ඔවුන්ගේ පඩි හා දීමනා වැඩි කර ගැනීම සිදු කරන්නේ මුදල් ඇමතිවරයාගේ උපදෙසැන්දයි අපි අහනවා.
කවුරු මොනවා කීවත් මේ වසර අවසාන වීමට පෙර නව ජනාධිපතිවරයකු පත්විය යුතුයි.අපි පැහැදිලිව කියනවා ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක ජය ලබන්නේ සමගි ජන බල පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවක්"
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි