පොල් පර්යේෂණ මණ්ඩලයේ බැඳුම්කර ගිවිසුම කඩ කළ නිලධාරීන් 09දෙනෙකුගෙන් රුපියල් පන්කෝටි දෙලක්ෂ තිස්නවදහස් හත්සියයක (50,239,770)මුදලක්අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2024-02-10 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
පොල් පර්යේෂණ මණ්ඩලයේ සේවය කරමින් සිටියද අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් 06දෙනෙකු මණ්ඩලය සමග ඇති කර ගත් ගිවිසුම් උල්ලංඝනය කරමින්සේවයට වාර්තා කර නොතිබුණි.
එකී සේවකයන්ගෙන්රජයට අය විය යුතු මුදල එක්කෝටි තිස්පන් ලක්ෂ අසූදෙදහස් තිස්පහකි. (13,582,035) එමෙන්ම මණ්ඩලයේ අධ්‍යයන නිවාඩු ලබා ගත් පර්යේෂණ නිලධාරීන් තිදෙනෙකු ගිවිසුම් ප්‍රකාරව අධ්‍යයන නිවාඩු අවසන් කර සේවයට වාර්තා කර තිබුණි. එහෙත් වසර 03, 04ක සේවයෙන් පසු ඔවුන් සේවය කළ යුතු අනිවාර්ය සේවා කාලයද ඉක්ම යාමට පෙර මණ්ඩලයේ සේවය හැර ගොස් තිබුණි.
මෙකී පර්යේෂණ නිලධාරීන් තිදෙනාගේ මණ්ඩලයට අය විය යුතු බැඳුම්කර වටිනාකම රුපියල් තුන්කෝටි හැටහය ලක්ෂ පනස්පන්දහස් හත්සිය තිස්පහකි. (36,655,735) මේ පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ මණ්ඩලයේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ සේවා ගිවිසුම් කඩ කළ නිලධාරීන් 06දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවයි. 2023 පෙබරවාරි මාසයට අදාළවපොල් පර්යේෂණ මණ්ඩලය සම්බන්ධයෙන්මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.
චන්දන සමරවික්‍රම