ඒ.ටී.එම්. බැංකු කාඩ්පත් වලින් මුදල් ලබා දීම සදහා සහාය වන මුවාවෙන් ඒ.ටී.එම්. බැංකු කාඩ්පත් සුක්ෂ්ම අන්දමින් මාරු කර අන්සතු බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගත් පුද්ගලයෙකු මත්කුඩු සමග අත් අඩංගුවට ගෙන මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 02 අධිකරණයේ මහේස්ත්රාත් අන්වර් සදාක් මහතා ඉකුත් සිකුරාදා ( 16 වැනිදා ) නියම කරන ලදී.
ගම්පහ, මිරිස්වත්ත පුදේශයේ පදිංචි ආර්. චමිල සම්පන් නමැත්තා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු විසින් ඊරියවැටිය පුදේශයේ කාන්තාවක් තම ඒ.ටී එම් බැංකු කාඩ්පතින් මුදල් ලබා ගැනීමට කිරිබත්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකු ශාඛාවකට පැමිණි අවස්ථාවේ ඇයට මුදල් ලබා ගැනීම සදහා සහාය ලබා දෙන මුවාවෙන් ඇයගේ බැංකු කාඩ්පත සුක්ෂ්ම ලෙස මාරු කර වෙනත් බැංකු කාඩ්පතක් ඇයට ලබා දී පසුව ඇයගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචනික ලෙස ලබා ගෙන තිබෙන බවට පැමිණිල්ලේ සදහන් වී ඇත.
මෙහිදී එම බැංකු ශාඛාව අවට සී.සී. ටී.වී.කැමරාවල රූපරාමු නිරීක්ෂණය කොට ඉකුත් 15 වැනිදා කිරිබත්ගොඩ මහජන බැංකු ශාඛාව අසල සැකකරු රැදී සිටිනවිට අත්අඩංගුවට ගත් බවට ද සදහන් වී තිබේ.
මේ අතර සැකකරු ළඟ තිබී අන්සතු ඒ ටී එම් බැංකු කාඩ් පත් 07 ක් පොලිසිය සොයා ගත් අතර ඔහු විසින් අවස්ථා 07කදී බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් වංචනික ලෙස මෙසේ ලබා ගෙන තිබෙන බවට ද හෙළිවිණි.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝභණ නන්දසිරි , පොලිස් සැරයන් සිසිර ( 2725 ) , පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් ( 82436 ) , සේනාධීර ( 9087 ) , සුගන්ද ( 20689 ) , පත්මසිරි ( 79778 ) , නන්දසිරි ( 93652 ) හා කාන්තා පොලිස් කොස්තාපල් නිලුකා ( 8412 ) යන නිලධාරීහු විසින් අත් අඩංගුවට ගත් සැකකරු නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් අරුණ කුමාර ( 27909 ) පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) හා කුලසිංහ ( 10789 ) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුහ.
ඩබ්ලිව් ඩී එම් විතානගේ