නින්ජා වෙස් ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාල වයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපළ සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සැකකරුවන් එලෙස සොරාගෙන තිබූ ඩිවිඩි ප්ලේයරයක් , ලේ පරීක්ෂා කරන යන්ත්‍රයක් පිත්තල භාණ්ඩ , පරිගණකයක් සහ කොටස් ජංගම දුරකථන ඇතුළු තවත් ආණ්ඩ තොගයක් පොලිසිය මගින් සොයාගෙන ඇත
නිවෙස් දෙකක් හිමි පුද්ගලයෙක් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවස වසා නුගේගොඩ නිවස වෙත අවුරුදු දිනවලට පෙර ගිය අවස්ථාවේදී මම කල්ලියේ සාමාජිකයන් විසින් මුහුණු හා ආවරණය කරගෙන නිවසට වෙත පැමිණ දොර කඩා ඇතුළු වී මෙම දේපළ සොරාගෙන තිබූ බව පොලිසිය කියයි
සොරා ගත් දේපළ පොල්ගස්ඕවිට ප්‍රදේශයේම විවිධ පුද්ගලයන් වෙත අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16 17 හා 18 සැකකරුවන් තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවත් කාලයක් පුරා කහතුඩුව පොලිස් වසමේ සිදුවූ සොරකම්වලට මොවුන් සම්බන්ධ දැයි ඇඟිලි සලකුණු ඔස්සේ විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි
සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය