බහුදින ධීවර යාත්‍රාවන්,සිය ධීවර මෙහෙයුම් සදහා පිටත් වීමට වෙනත් දිස්ත්‍රික්කවල ධීවර වරායන් භාවිතා කරන්නේ නම්, එම ධීවරයින් සතුව පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය නිලධාරි විසින් නිකුත් කළ නිරෝධායන සහතිකය අනිවාර්ය බව බව ධීවර නියෝජ්‍ය අධ්යක්ෂ අනුර ජයසේකර මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහුදින යාත්‍රාවන් තම මෙහෙයුම් සදහා පිටත්වීමට ත්‍රිකුණාමලය, මීගමුව සහ දික්ඕවිට ධීවර වරායන් භාවිතා කරන බැව් ඒ මහතා වැඩි දුරටත් පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ බහුදින යාත්‍රා 650 ක් පමණ වේ.එක් යාත්‍රාවක ධීවරයින් පස් දෙනාගේ පටන් හත දක්වා ධීවර කටයුතුවල යෙදේ. බහුදින යාත්‍රාවක් දින 14 සිට 21 දක්වා කාලයක් මුදුදේ ගත කරයි.
කල්පිටිය - කුමාරි කොට්ටහච්චි