ක්ලීන් ශ්රී ලංකා වැඩසටහනට සමගාමීව මාර්ග අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය ක්රියාත්මක කරන රථ වාහන මෙහෙයුම හා බස් සංගම් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී බස් සංගම් ඉදිරිපත් කළ එක් කරුණකට වැඩබලන පොලිස්පතිගේ එකඟතාව ලැබී ඇති අතර තවත් කරුණකට එකඟතාව දක්වා නොමැත.
මෙහිදී බස් රථවල අලංකරණයට සකස් කර ඇති දෑ හා ඒවා මාරක අනතුරුවලට තුඩු නොදෙන්නේනම් පමණක් ඒවා ඉවත් කර ගැනීමට මාස තුනක කාලයක් ලබාදෙන ලෙසට බස් රථ සංගම් නියෝජතයන් කළ ඉල්ලීමට වැඩ බලන පොලිස්පතිවරයාගේ එකඟතාව ලැබී තිබේ.
ඒ අනුව අදාළ සැරසිලි මාරක අනතුරුවලට හේතු වන්නේ නම් පොලිසිය මැදිහත්වී ඒවා ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් අනෙකුත් දෑ ඉවත් කිරීමට හෝ නිසි අවසර ලබා ගෙන රඳවාගෙන තබා ගැනීම වෙනුවෙන් මාස තුනක කාලයක් ලබාදෙන බව පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.
මේ අතර බස් රථවල වැරදි සෙවීම වෙනුවෙන් සිවිල් ඇඳුමින් යොදවා ඇති පොලිස් නිලධාරීන් ඉවත් කරන ලෙසට බස් සංගම් කළ ඉල්ලීමට වැඩ බලන පොලිස්පතිවරයාගේ එකඟතාව ලැබී නොමැත. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එය අඛණ්ඩව සිදුකරන බවට වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.