පොලිස් රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08දා) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් නියොජිතයෝ සඳහන් කරති.
ඒ අනුව, බස් සංගම් විසින් සැලසුම් කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය සිදු නොකිරීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
සිවිල් ඇඳුමින් සැරසි පොලිස් නිලධාරීන් බස් රථ තුළට පැමිණ රියදුරු සිදුකරන වැරදි නිරීක්ෂණය කිරීම මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට සිදුකරන බවට වැඩබලන පෙලිස්පතිවරයා පැවසූ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව බස් රථ තුළ සවිකර තිබෙන අමතර උපාංග ඉවත් කිරීමට මාස තුනක සහන කාලයක්ද ලබා දුන් බවද පැවසීය.
වැරදි සිදුකරන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, එහෙත් අදාළ කටයුතුවලින් මහජනතාව අපහසුතාවයට පත් නොවිය යුතු බවද සඳහන් කළේය.