මාතලේ, ලග්ගල එලවාකන්ද ප්රදේශයේදී අද (14දා) සවස බස් රථයක් සහ වැන් රථයක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ. දඹුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය කළ බස් රථයක් ඊට ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වැන් රථයක ගැටීමෙන් අනතුරුව බස් රථය ප්රපාතයකට පෙරළී තිබේ.
බස් රථයේ සිටි 37 දෙනෙක් සහ වෑන් රථයේ සිටි 05 දෙනෙක් තුවාල ලබා විල්ගමුව රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී බස් රථයේ සිටි දෙදෙනෙක් සහ වැන් රථයේ සිටි එක අයෙක් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
බස් රථය විනෝද චාරිකාවක් යන අතරතුරදී එම අනතුරට ලක්ව ඇති බවයි.