ගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
පෞද්ගලික මගී බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්රවාහනය කළ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.