බස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ජූලි 01 වැනි දින සිට නැවතුම්පොළ පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබන්නේ මගී ප්‍රවාහනය සඳහා අවසර ලත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මගී ප්‍රවාහනය සඳහා අවසර ලබාගැනීමට ලියා පදිංචිය සිදුකළ යුතු අවසන් දිනය ලබන මස 30 බවට බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශයට පත් කර තිබෙන බවද මාධ්‍ය අංශය පෙන්වා දෙයි. මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් කිලෝමීටරයක් සඳහා අයකළ යුතු ගාස්තුව තීරණය කිරීමටත් ගාස්තු නිර්ණයට සූත්‍රයක් ගොඩනැගීමට අවශ්‍ය විශේෂඥ කමිටුවක් සකස් කර ගැනීමටත් කටයුතු කරමින් තිබෙන බවද සඳහන් කරයි.
මේ අනුව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා වැයවන වියදමත් ලැබෙන අදායමත් පිළිබඳව තොරතුරු රැස් කරන බවත්, අදාළ විස්තර ලබා ගැනීම සඳහා ගූගල් පෝරමයක් සකස් කර ත්‍රිරෝද රථ ප්‍රජාව වෙත ලබා දී තොරතුරු ලබා ගැනීමට කටයුතු කරමින් තිබෙන බවත් පෙන්වා දෙයි. ගාස්තු තීරණය වන තෙක් බස්නාහිර පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට ජූලි මස 01 වැනි දින සිට අයකළ යුතු නිශ්චිත උපරිම ගාස්තුවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත් සඳහන් කරයි.
බස්නාහිර ත්‍රිරෝද ගාස්තු ප්‍රකාශ කිරීම බාලගිරි දෝෂයක් මැයෙන් පසුගිය මාර්තු 21 වැනි දින අද පුවත්පතේ පළවු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් සිදුකළ සොයා බැලීමකින් පසු ඉහත සඳහන් කරුණු ඇතුළත් මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.