ක්ෂය රෝග තත්ත්වයට ගොදුරු වූවන් අටදහසකට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුළ ඇතැයි සැකකරන බවත්, දෙසතියකට වඩා කැස්ස පවතින්නේ නම් වහාම ළඟම රජයේ රෝහලට ගෙස් පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසු වන්නේ යැයි ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී සන්ධ්‍යා කුමුදුනී මහත්මිය සඳහන් කළාය.
ඇය මේ බව සඳහන් කළේ කල්එළියේ පැවති සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනයකදීය.
“2035 දී ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීම අපේ අරමුණයි. මෙම රෝගය පිළිබඳව බිම් මට්ටමින් කෙතරම් දැනුම්වත් කිරීම් කළත් ලැජ්ජාව නිසා රෝග තත්ත්වය හංගාගෙන ඉන්නවා. රෝගයට අවශ්‍ය කරන සියලු පරීක්ෂණ හා ප්‍රතිකාර රජයේ ඕනෑම රෝහලකින් නොමිලේම ලබා ගැනීමේ පහසුව මෙන්ම, අවශ්‍ය කරන බෙහෙත් අවශ්‍ය පරිදි අප සතුව පවතිනවා. කිසිවෙකුට හෝ ප්‍රතිකාර සඳහා මුදල් වැය කරන්න සිදුවෙන්නේ නැහැ.”
සති දෙකකට වඩා කැස්ස පවතින්නේ නම් රජයේ රෝහලකින් පරීක්ෂා කර ගැනීමෙන් පසු මාස හයකදී අනිවාර්යෙන්ම සුවවීමේ හැකියාව පවතින බවද අධ්‍යාපන නිලධාරිනී කුමුදුනී මහත්මිය සඳහන් කළාය.
මීරිගම - කාන්ති