ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ එම බවුසර් වෙනත් ඉන්ධන හල් වෙත ගෙඩ බෑම සිදුකරන ලෙසත් එසේ නොමැතිනම් ඒවාට ගිනි තබන බවට ඇතැම් පුද්ගලයන් මේ වන විට තර්ජනය කරමින් සිටින බවයි.
මෙවැනි කටයුතු අඛණ්ඩව සිදුවන්නේ නම් ඉන්ධන බෙදා හැරීම නැවැත්වීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පවසයි.