අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබේ.
සිය X ගිණුමේ පණිවිඩයක් තබමින් ඔහු පවසන්නේ, ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාවාසීන් විසින් අනුර දිසානායක මහතාව රටේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන ඇති බවත්,
ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමාන බවත් හෙතෙම පවසයි.