විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව රැදවියන්ගේ ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනයක් සිදුවෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බන්ධනාගාරගත රැඳවියන් අතරින් වැඩි ප්‍රමාණයක් සැකකරුවන් බවත් මේ වන විට සැකකරුවන් 15000කට ආසන්න ප්‍රමාණයක් බන්ධනාගාරවල රැඳවා සිටින අතර එම පිරිසෙන් 7500කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්රිත චෝදනාවන්ට ලක්වූවන් බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුත් දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
එය ප්‍රතිශතයක් ලෙස පොදුවෙන් සියයට 180 ඉක්මවා ඇති බවත් ඇතැම් බන්ධනාගාරවල සියයට 200,300 ඉක්මවා රැඳවියන් ප්‍රමාණයක් රදවා සිටින අතර මේ අනුව බන්ධනාගාර ගතවීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම රැදවියන් වෙනුවෙන් මේ වර්ශය සඳහා පමණක් රැපියල් බිලියන 4.7ක මුදලක් රජයට වැයවන බව බන්ධනාගාර සංඛ්‍යාලේඛන දත්ත අනුව පෙනී යන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.