මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව බලගොල්ල පොලිසිය කියයි.
රෙන්ගසාමි යුවනේස් (27) නැමැති මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන 54 වගන්තිය යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි සැකකරුවෙකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ .