ලබන සතිය වන ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් වන බව මුදල් රාජ්‍යය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකදීය.
අනුරාධපුර නගරය හරහා ගලා බසින, ලංකාවේ දිගින් දෙවැනි ගංගාව වන මල්වතු ඔය කේන්ද්‍ර කර ගනිමින් " කදම්බ නදියේ සඳතැන්න වලව්ව" නමින් පාරිසරික උද්‍යානයක් ඊයේ (02) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරු චන්න වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් , මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් ඇතුළු රාජ්‍යය නිළධාරීන්, කළාකරුවන් ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සංචාරක පාරිසරික උද්‍යානය ජනතා අයිතියට පත් කිරීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ මහතා, මීට වසරකට කලින් අපි විශ්වාස කලේ නෑ මේ වගේ තත්වයක් කඩිනමින් අපිට ඇති කර ගන්න පුලුවන් වෙයි කියලා.මීට අවුරුද්දකට කලින් තිබුණ තත්වය, අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව, අලුත් දෙයක් සිදු කරන්න කිසිම අවස්ථාවක කල්පනා කලේ නෑ, හැම කෙනෙක්ගේම අවශ්‍යතාවය වුණේ ඒ පවතින පීඩාකාරී තත්වයෙන් මිදෙන්න අවශ්‍යය යෝජනාවලියක් ක්‍රියාත්මක වුණා.
එක එක්කෙනා තමන්ට හැකි පමණින්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විවිධ මාවත් ඔස්සේ ගමන් කලා.බොහෝ අය මේ රට පිළිබඳ තියෙන බලාපොරොත්තු අතහැරලා වෙනත් රටවල් වලට ගිහින් පදිංචි වුණා.නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු අලුත් රජය බිහිවීම සමඟ ක්රමාණූකූළව මේ තත්වය වෙනස් වුණා.
ව්‍යාපාරික ප්‍රජාවේ තිබුණ ලොකුම මැසිවිල්ල තමයි පොලී අනුපාතය, පොලී අනුපාතයන් මේ වගේ ඉහළ මට්ටමක පවත්වාගෙන ගියේ නැත්නම් මේ රටේ උද්ධමනය පාලනය කරන්න අවශ්‍යය ප්‍රධාන කාරණාවන් ඉටු නොකළා නම් අපි කෙටි කාලීනව විදින අපහසුතා වලට වඩා දීර්ඝ කාලීනව තියෙන අපහසුතාවන් වැඩි වෙනවා.අපි පැහැදිලිව කිව්වා කෙටි කාලීනව වේදනාත්මක ත්තවයක් ඇති වේවී හැබැයි මැදි කාලීනව හා දීර්ඝ කාලීනව ස්ථාවරත්වයක් ඇති වේවී කියලා.
මීට දින කීපයකට ඉහතදී මහබැංකුව ප්‍රථිපත්ති පොලී අනුපාතය අඩු කළා, අපිට ලබන සතිය වෙද්දී බලාගන්න පුලුවන් භාණ්ඩාගාර බිල්පත් වලින් මේ ප්‍රථිපත්ති පොලී අඩුවීමෙන් ලැබෙන වාසිය රජයට ලැබෙන ආකාරය.බැංකු හරහා මේක ගණුදෙනුකරුවන් වෙත යොමු වෙන්න තව යම් කිසි කාළයක් ගත වෙයි.භාණ්ඩාගාර බිල්පත් වල නිරූපනය මෙන් වේගයෙන් මේක නිරූපනය වෙන්නේ නැති වෙයි.ව්‍යාපාර කරන්න පුලුවන් පරිසරයක් දැන් රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා.
අපි අමාරුම කාළය පසුකර ගෙන යනවා. රටේ ආර්ථිකයට තවත් ශක්තියක් වේවී මේ රටේ ආනයන සීමා ලිහිල් කිරීම.අපිට එක රැයකින් ආනයන සීමා සියල්ල ලිහිල් කරන්න බෑ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව ඒ ණය හිමියන් සමඟ සාකච්ජා කරලා.ඒ අයගේ උපදෙස් අනුව අපි ලබන මාසයේ අග වෙද්දී මේ රටේ පවතින ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුව තියෙනවා.
නමුත් ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි සංඛ්‍යාලේඛණ පිළිබඳ අවධානය යොමු කරලා අපි දැනට එච්-එස් කෝඩ්ස් 1200 ක විතර තාවකාලික තහනමක්, කෙටි කාලීන තහනමක් භාණ්ඩ ආනයනයට පනවලා තියෙනවා.ඒ අතුරින් භාණ්ඩ ලබන සතිය වෙද්දී,ආසන්න වශයෙන් භාණ්ඩ 200 හෝ 300 ක ප්‍රමාණයක් ලිහිල් වේවී.
ඒ භාණ්ඩ ආනයනය කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතුවක් වනවාද නැද්ද කියන කාරණය සලකා බලලා.මේ රටේ විදේශ මූළ්‍ය පද්ධතියට බාධාවක් ඇති නොවෙන ආකාරයට මේ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.රුපියල අද ශක්තිමත් වෙමින් පවතිනවා.අපිට පිළිගත හැකි ස්ථාවරත්යක් ඇති වෙමින් පවතිනවා.
අවුරුදු 18 වැඩි සියලු දෙනාටම බදු ගොනුවක් ආරම්භ කිරීම එදා සිට බදු ගෙවීමක් ලෙස දකින්න එපා, බදු ගෙවිය යුතු සීමාවේ ඉන්න අයට පමණක් බදු ගෙවීමට සිදු වේවී, බදු ගොනු ආරම්භ කිරීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් වන්නේ නැතැයිද පැවසීය."