රුපියල් කෝටි තුනකට අධික බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරී බවට චෝදනා කරමින් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු සහ පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ නඩු පැවරීය.
වසර තුනක කාලයක් සඳහා ‘වැට්’ සහ ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් කෝටි තුනකට අධික බදු මුදලක් ගෙවීම පැහැර හැරී බවට චෝදනා කරමින් පවරා ඇති නඩු කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන වන එච්.එල්. කුමාරි ද සිල්වා මහත්මියට මහේස්ත්රාත්වරයා නියම කළේය.
කොළඹ 05 කිරුළපන පෙදෙසේ පවත්වාගෙන යන ‘රෙන්ට් කම්පැනි සර්විස්’ (ඍැබඑ ් ජදපච්බහ ිැරඩසජැ චඩඑ කඑා) සමාගමේ අධ්යක්ෂවරු වශයෙන් කටයුතු කරමින් 2016, 2017 හා 2018 වසරවල් සඳහා වැට් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 3,18,46,248.24 ක මුදලක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 18,51,688.37 ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම නඩු දෙක පවරා ඇත.
මෙම නඩු කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර සමාගමේ වෙනත් අධ්යක්ෂවරයෙකු අධිකරණයේ පෙනී සිටියේය.
පැමිණිලිකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් වගඋත්තරකරුවන්ට නොතීසි නිසි පරිදි බාරදුන් බව පිස්කල්වරයා වාර්තා කර ඇතැයයි කීය.
වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් ජයවර්ධන මහතා කරුණු දක්වමින් සමාගමේ අධ්යක්ෂකවරයකු අධිකරණයේ පෙනී සිටින බව පැවසීය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා චෝදනා පත්රයේ නම් සඳහන් වගඋත්තරකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමාගම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධ්යක්ෂවරයාට නියෝග කළේය. මෙම නඩු දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමටද මහෙස්ත්රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.