මල්වතු මහා විහාර පාර්ශ්වයේ බදුල්ල බින්තන නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය දැරූ පූජ්‍ය බදුල්ල ගම්මන සුමනසාර හිමියන් එම පදවියෙන් ඉවත් කොට ඇති බව මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මහමුනේ ශ්‍රී සුමංගල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි .
අප්රියකාරී ශාසන විරෝධී ක්‍රියාවන්හි බදුලුගම්මන සුමනසාර හිමියන් නිරතව සිටීම හේතුවෙන් මල්වතු මහා විහාරීය ගරුතර සානුස්නායක කාරක මහා සංඝ සභාව විසින්එම හිමියන් එසේ එම පදවියෙන් ඉවත් කොට ඇති බවඑහි ලිපියේ සඳහන්ය .
බුද්ධ චරිතය හා සම්බුද්ධ දේශනාවන් විකෘති කරන මීවන පලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයාගේ සාවද්‍ය විකෘති දේශනාවන් ප්‍රවර්ධනය කිරීම .
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාරපාර්ශවයේ භික්ෂුවක් ලෙස මහා විහාර ධර්ම සම්ප්‍රදායන්ට හා ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව බුදුන් වහන්සේ ලක්දිව ඉපදීම සහ සාවද්‍ය මත මතවාද ප්‍රචාරය කිරීම .
අතිගෞවාර්හ මහනායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායකගරුතර කාරක සංඝ සභාව විසින් ධර්ම විකෘතීන්හා විවිධ අප්රතිකාරඅශ්රමණික ක්රියාවන්ක්රියාවන් හේතුවෙන් සාමණේර ලියාපදිංචි අවලංගු කළපන්සල් හේනේ ධම්මාලංකාර හෙවත්මීවනපලානේසිරි ධම්මාලංකාරනම් භික්ෂු ප්‍රතිරූපකයා නැවත මල්වතු මහා විහාරීය පාර්ශ්වයේභික්ෂුවක් ලෙසසිය ආචාර්යත්වය යටතේලියාපදිංචි වී කරන ලද සාමණේර භික්ෂූන් පිළිබඳ ප්‍රකාශ පර්ත්රයක්2024-03-27 දිනැතිව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙත ඉදිරිපත් කිරීම මගින්මල්වතු මහා විහාර ගරුතර කාරක සංඝ සභාව අපහාසයට පත් කිරීම .
චීවරය අවභාවිතා කරමින් ශාසන විනාශයක් සිදුකරන මීවනපලානේ සිරිධම්මාලංකාර නම්භික්ෂු ප්‍රතිරූපකයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රෛනිකායික මහා මහානායක මානාහිමිපාණන්වහන්සේලා ගරු ජනාධිපතිතුමන් වෙත දන්වා යවා ඇති පසුබිමක එහිසංඝාඥාවඅවඥාවටලක් කරමින් සිය ආචාර්යත්වය යටතේ තම භික්ෂු ප්‍රතිරූපකයා නැවත මල්වතු විහාරපාර්ශවයේ භික්ෂුවක් ලෙස ලියාපදිංචි කිරීමට තැත් කිරීම තුළින් සංඝ සම්මුතියට විරුද්ධවකටයුතු කිරීම හා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මල්වතු මහා විහාරයේ කීර්තිනාමය බරපතලලෙස විනාශ කිරීම .
විනය පිටකයේ සංඝභේදඤනකයේහි දැක්වෙන පරිදි යම්මහණෙක් ධර්මය කියා අධර්මයදක්වයිද දෘෂ්ටි පිහිටවා රුචිය පිහිටවා අදහස පිහිටුවා එය අනුන්ට කියා දෙන්නේ නම් වේදමෙය ශාස්තෘ ශාසනය මෙයට කැමතිවවූ මෙය පිළිගනිව් යැයි කියාදඒ සංඝභේදක තෙමේඅපායිකදනෙරයිකදවේයන පාඨයට අනුවසංඝ භේදයක් සිදු කිරීම .
යන චෝදනා යටතේ 2024-05-04 දින රැස්වූ ගරුතර සහනනායක කාරක මහා සංඝ සභාව ඒකමතිකවඑදින සිට ක්‍රියාත්මක වන පරිදිබදුලුගම්මන සුමනසාරහිමියන්වෙල්ලස්ස බින්තැන්න නැගෙනහිරතෙපළාතේප්රධාන සංඝ නායක පදවියෙන්ඉවත් කිරීමට පියවර ගත් බවඑම ලිපියේ සඳහන්ය .