ජාත්‍යන්තරය සමග කටයුතු කල හැකි අත්දැකීම් හා අනාගතය පිළිබඳව දැක්මක් ඇති නායකත්වයක් රටට අවශ්‍ය බවත් පෞද්ගලික වාහන ආනයන සීමා ඉවත් කිරීම 2025 වර්ශයේ පළමු වන කාර්තුවේදී බලාපොරොත්තු වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ අද (28දා) දින අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.
"2022 වර්ෂයේදී ඇති වූ තත්ත්වය නැවත ඇති නොවීමට කටයුතු කිරීම මෙවර ජනාධිපතිවරණයේ අරමුණයි. රටේ ආර්ථික පරිවර්තන නීතියට අනුව රට පවත්වා ගෙන යෑම සියලුම ජනතාවගේ අරමුණ විය යුතු වෙනවා.
ජාත්‍යන්තරය සමග කටයුතු කළ හැකි අත්දැකීම් හා අනාගතය පිළිබඳව දැක්මක් ඇති නායකත්වයක් රටට අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විසින් වැරදි තීන්දුවක් ගතහොත් රට නැවත වසර 15ක් ආපස්සට ගමන් කිරීම වැලැක්ව්ය නොහැකියි.
වර්තමානයේ මෙරට තුල අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා අවශ්‍ය නීති රාමුව පමණක් නොව ඒ සඳහා අවශ්‍ය ආයතනයක්ද නිර්මාණය කිරීමට කටයුතු කලා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ජාත්‍යන්තර වශයෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා. රාජ්‍ය පාලනය ඉතාමත් විනිවිද භාවයකින් සිදු කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල්කරණයද මේ වන විට සිදු කරමින් පවතිනවා.
ජාතික ජන බලවේගය සිදු කරනුයේ වංචා දූෂණ කතා කිරීම නොව රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවට ප්රචණ්ඩත්වය නිර්මාණය කරමින් ඔවුන්ට අවශ්‍ය පාලනය ස්ථාපනය කිරීමට කටයුතු කිරීම පමණයි. බවත් ජාතික ජන බලවේගය තුල ආකර්ශනීය ප්රකාශනයක් තිබුනත් එහි හරයක් නැහැ.
මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් අයවැය මගින් වෙන් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය මගින් එම ප්‍රතිපාදන සම්පාදනය කිරීමට සූදානමින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මහතා හැර අනික් සියලු අපේක්ෂකයන් දොස් නැගීම හා විවේචන කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා.
චීනයත් සමග ඇති කරගත් අවබෝධය තුල පවතින සංචිත ප්‍රමාණය සමඟ ඩොලර් බ්ලිියන 1.4 වෙනුවට මේ වන විට ඩොලර් බිලියන 5.6 ප්‍රමාණයක සංචිත ප්‍රමාණයක් පවතිනවා. මෙය ප්රමාණුකූලව කළමනාකරණය නොකල හොත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳව නොව ආනයන සීමා නැවත පැනවිය යුතු භාණ්ඩ පිළිබඳව අවධානය යොමු කිරීමට සිදුවනවා.
අගෝස්තු මාසය වන විට අදියර වශයෙන් වාහන ආනයන සීමා ඉවත් කරන ආකාරය පිළිබඳව දැනුම් දෙනු ලබනවා. මුල් වටය සඳහා ව්‍යාපාර කටයුතු හා ප්‍රවාහන සේවාවට අදාල වාහන අනයනය කිරීමට අවධානය යොමු කරනවා. පෞද්ගලික වාහන ආනයනය 2025 වර්ශයේ පළමු වන කාර්තුවේදී බලාපොරොත්තු වනවා."