කොවිඩ් 19 හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වසරේ සැප්තැම්බර් මස දක්වා මුලික වැටුපෙන් සියයට 50ක් හේ මසකට රුපියල් 14500ක් යන අගයෙන් වැඩි අගය එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කර තිබේ.
සේවා යෝජකයන් හා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.