ඇමති මණ්ඩල සංශෝධනයේදී ජ්‍යෙෂ්ටත්වය නොසලකන බව කීවත් පෙර ඇමති තනතුරු දැරූ පිරිසකට ඇමති තනතුරු ලබාදී තවත් පිරිසකට ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන් පිරිසක් කළකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.
මෙම සිදුවීම නිසා තමන් අකාර්යක්ෂම සහ දූෂිත ගොඩට වැටී ඇතැයිද ජනාධිපතිවරයා නව ඇමතිවරුන් හමුවේ කළ කතාවෙන්ද තමන් වරදකරුවන් බව මහජනතාවට සිතෙන බවද ඇතැමුන්ගේ අදහස වී තිබේ.
මේ නිසා කළකිරීමට පත්ව සිටින හිටපු ඇමතිවරු පිරිසක් ස්වාධීන වීමට තීරණය කර තිබුණද ඔවුන්ට නායක්ත්වය දීමට සිටි දකුණු පළාතේ හිටපු ඇමතිවරයෙකු තවමත් ආණ්ඩුවෙන් වෙන්වීමේ තීරණය ප්‍රමාද කරමින් සිටින බව වාර්තා වෙයි.