පක්ෂයේ ප්රතිපත්ති ඉදිරියට ගෙන යාමේ අරමුණින් පමණක් එළඹෙන මහ මැතිවරණයේදී සන්ධානගත වන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රකාශ කළේය.
එම පෙරමුණ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුව සඳහා තම පක්ෂ නියෝජිතයන් වැඩි කර ගැනීමේ අරමුණින් නව සන්ධාන බිහිකිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.
ඒ අනුව, මහ මැතිවරණය සඳහා නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවත්, ඉදිරි දිනවලදී සියලු දිස්ත්රික්ක වෙනුවෙන් නාමයෝජනා භාරදීම් සිදුකිරීමට නියමිත බවත්, ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේය.
මහ මැතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුණින් නාමයෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි එම පක්ෂ කාර්යාලයේදී ඊයේ (06දා) පැවැත්විණි.