බාඳුරාගොඩ ප්රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පහරකෑ පාසල් සිසුවාගේ මව පවසන්නේ කරන්නේ පහරකෑමට ලක්වු තම පුත්රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටය.
පසුගිය 11 වනදා පාසල නිමවී නිවස වෙත යමින් සිටියදී හිටපු මන්ත්රීවරයා බාඳුරාගොඩ නගරයේදී සිසුවාට පහරදී ඇත. පොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්රීවරයා ප්රදේශයෙන් පළාගොස් ඇති බවය. මේ අතර මීට පෙර අවස්ථාවකදී සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම්හලක් තුළදී පහරදීම සම්බන්ධයෙන් ද අදාළ සැකකාර මන්ත්රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.